සුදේව කිංස්ලි අලුත් වැඩක : ප්‍රසිඩන්ට් TV සූදානම් !

සුදේව කිංස්ලි අලුත් වැඩක : ප්‍රසිඩන්ට් TV සූදානම් !

ප්‍රසිඩන්ට් ටී.වී ( president tv ) නමින් නවතම චැනලයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රතිරූපය නැංවීම, වැඩපිළිවෙළ සහ දර්ශනය ජනතාව වෙත නිවැරැදිවත් පැහැදිලිවත් ගෙනයාම මෙම චැනලයේ අරමුණ වී තිබේ.

ඒ වෙනුවෙන් ආ‍රම්භ කෙරෙන මෙම ප්‍රසිඩන්ට් ටීවී චැනලයේ ප්‍රධානින් ලෙස ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක කටයුතු කරන බවත් දැනගන්නට ඇත.

මේ වන විට අදාළ චැනලය සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් වෙමින් ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම මේ වන විට ජනාධිපති ගේ මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය වෙත විස්තර කථන ලබාදීම සඳහා නව මැදිරියක් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඉදිකරන බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න