සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාව තුළ රථ වාහනවලින් ගමන් කරන පුද්ගලයින් කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා රජයට යෝජනා කර තිබේ.
එම වැඩපිළිවෙල මගින් අනවශ්‍ය සංචරණ සීමා බොහෝ දුරට පාලනය වනු ඇති බව ඔහු පවසයි.
එමෙන්ම එමගින් කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීමට ද ඉඩ අවස්ථාව සැලසෙන බව මහාචාර්යවරයා සදහන් කරයි.
සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී පී.සී.ආර් පරීක්ෂණ වැඩි කළ යුතු බවත්, ඉන් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හදුනාගැනීමට ඉතා පහසු බවත් ඔහු පවසයි.
රෝගීන් වැඩි ප්‍රමාණයක් රෝග ලක්ෂණ තවමත් නොපෙන්වන බවත් රට වසා ඇති කාලසීමාවේදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් කොරෝනා පරීක්ෂණ වැඩිකළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා කියයි .
PCR නොකර රට වැසීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකියි!
පී.සී.ආර් නොකර රට වැසීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකි යැයිද ලෑම්ප්(LAMP) තාක්ෂණය කොරෝනා ලක්ෂණ නොපෙන්වන අය සඳහා භාවිතා කළ හැකි අලුත්ම පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් මේ තාක්ෂණය මේ රටේ ක්‍රියාත්මක කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය .
අඩු වියදමකින් සහ අඩු කාලයකින් එම පරීක්ෂණ කළ හැකි බවද මහාචාර්යවරයා හෙළි කළේය .

