කාබනික වැඩමුළුව හබක් : විමලවීර බාල්දියක් පෙරළලා !

කාබනික වැඩමුළුව හබක් :  විමලවීර බාල්දියක් පෙරළලා !

කාබනික පොහොර ගොවිතැන නැගෙනහිර පළාතේ පලාත් පාලන ආයතන ප‍්‍රධානීන් සදහා පැවති වැඩමුළුවකට අම්පාර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් වර්ජනය කර ඇති අතර ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි එහි චෝදනාව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක වෙත යොමුකර ඇත.

එකී මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට අම්පාර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ විසින් බලය හොබවන කිසිදු පලාත් පාලන ආයතන ප්‍රධානියකු එම වැඩමුළුව සඳහා සහභාගි වී නැත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වූයේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ දීය.

අම්පාර හිටපු නගරාධිපති උපුටා දක්වමින් අදාළ මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම වැඩමුළුවට සහභාගි වුවොත් ඊළඟ වතාවේ නාමයෝජනා නොදෙන බවට අම්පාර දිස්ත්‍රික් නායක සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කළ බවයි.

වැඩමුළුවේ දී ආණ්ඩුකාරවරිය කියා සිටියේ මෙම හමුව වර්ජනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමක් සේ සැලකිය හැකි බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න