සේනාධිපතිගේ තවත් නඩුවක් අල්ලස් කොමිසම ඉවත් කරගෙන !

සේනාධිපතිගේ තවත් නඩුවක් අල්ලස් කොමිසම ඉවත් කරගෙන !

මෙරට අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලසක් ලබාදුන් බවට හා ලබාගත් බවට චෝදනා ලැබ තිබු අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් අද (27) නිදහස් කළේය.

ඒ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත්‍ර අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්ය.

ඒ අනුව විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළ අතර විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය අල්ලස් කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් යළි නඩු පැවරීමේ අයිතිය තබා ගනිමින් චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිඥ තුෂාරි ජයරත්න කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දී ඇත.

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා යාම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිවද එම අල්ලස් මුදල් ලබාගත් බවට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට ද එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න