Language Switcher

Ad

Ad 01

V2025

ලංකාව ඇතුළු රටවල් 3ක මරණ ඉහළට !

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 03 ක කොරෝනා මරණ සංඛ්‍යාව අගෝස්තු මාසය අවසන් වන විට 15% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සතියකට වරක් නිකුත් කරන වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල කොරෝනා මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇති බව වාර්තා වේ.

අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ දකුණු ආසියානු කලාපයේ මරණ සංඛ්‍යාව පහළ යද්දී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 19% කින්, ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ 32% කින් සහ ඉන්දියාවේ 17% ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සතිය සමග සසඳන විට කාලපයෙන් නව මරණ 14 ,000 ක් වාර්තා වී ඇති අතර එය සාපේක්ෂ වශයෙන් 20% ක අඩුවීමක් බවත් අදාළ වාර්තාව පවසයි.