Language Switcher

Ad

Ad 01

V2025

ඔක්තෝබර් අග කොරෝනා අඩුවෙයි ?

එන්නත්කරණය සහ රෝගය ව්‍යාප්ත වීමේ වේගය මත ලබන ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට කොරෝනා වසංගතයෙන් රට තුළ මතුව ඇති අවදානම් සහ පීඩාකාරී තත්ත්වය පහව යනු ඇතැයි පුරෝකතනය කළ හැකි බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

එන්නත්කරණයේ ප්‍රතිශක්තිය එම කාලය තුළ වර්ධනය වීමත්, ස්වාභාවික ආකාරයෙන් ජනතාවගේ ප්‍රතිශක්තිය ඉහළ ගොස් රෝගය සුව වී තිබීමත් ඊට හේතුව බවත් එහිදී ඔහු පැවසීය.

කෙසේවෙතත් අලුත් කොරෝනා ප්‍රබේදවලින් ගැටලුවක් මතු නොවණහොත් පමණක් මෙම තත්ත්වය බලපොරොත්තු විය හැකි බවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කල අතර ඔහු මෙසේ අදහස් දක්වා සිටියේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.