ඔක්සි මීටරයක් සඳහා රුපියල් 3000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (04) විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිතය.
සෞඛ්‍යය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල අද එම අමාත්‍යංශයේදී අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබීය.
පසුගිය දිනවල ඉතා අධික මිල ගණන්වලට ඇතැම් ඖෂධ වෙළඳසැල්හි ඔක්සි මීටර් අළෙවි කෙරුණු අතර ඇතැම් වෙළඳසැල්හි ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් අලෙවි කරන බවටද තොරතුරු ලැබී තිබිණි.
ඉදිරියේදී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ සඳහා නිසි ප්‍රමිතියක් ලබාදීමටත් උපරිම මිලක් නියම කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍ය රඹුක්වැල්ල පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
