ජනතා විරෝධය මැද හකුලා ගැනුණු පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර රළපනාවේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ උත්සාහයට පසුව දැන් තවත් සුප්‍රසිද්ධ වැවක් ආශ්‍රිත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ උත්සාහයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
මෙවර වාර්තා වන්නේ, දෙවන අග්බෝ රජ සමයේ ඉදි කළ කන්තලේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ සූදානමක් ගැනය.
මෙකී ව්‍යාපෘති යෝජනාව කන්තලේ නගර ශාලාවේ පැවැති රැස්වීමකදී අනාවරණයවී ඇති අතර මේ සදහා රුපියල් මිලියන 20ක මුදලක් සම්මත වී ඇති බවත් සඳහන්ව ඇත.
ඊට දැනටමත් ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් ඊට විරෝධය පළ කොට ඇති බවත් වාර්තා වෙයි.
මේ වන විට රට බරපතල මුල්‍ය අර්බුදයක පසුවන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ වෙළඳපොළේ ඇතැම් භාණ්ඩ හිඟතා ගැනත් මාධ්‍ය වාර්තා පළවෙයි.
එවැනි පසුබිමක මේ ආකාරයට ඇවිදින මංතීරු ඉදිකිරීමට මේ අවස්ථාව නොවන බවට මත පළවෙමින් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
