රටබීම හල් විවෘත කිරීමත් විද්‍යාත්මක ඇමති මණ්ඩලේ වගේ - ගීතා

රටබීම හල් විවෘත කිරීමත් විද්‍යාත්මක ඇමති මණ්ඩලේ වගේ - ගීතා

රටබීම හල් විවෘත කිරීමත් හරියට විද්‍යාත්මක ඇමති මණ්ඩලය පත් කළා වගේ වැඩක්” යැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ චෝදනා කරයි.

ඇය මේ බව පැවසූවේ ඊයේ (19) බෙන්තරදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.

“සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ටිකෙන් ටික වතුර පිරවූ වැවක් එක්වරම හෝස් ගා වතුර ඇර අස්වැන්න පාළුකරගත්තා වගේ වැඩක් මේ කළේ. අපි දැනගන්න කැමතියි මේ වගේ ඔළමොට්ටල තීරණයක් ගත්තේ කවුද කියලා. මේ ඔලමොට්ටලයෝ ගන්න වැඩවලින් අපිටයි ගමට යන්න බැරි වෙන්නේ.

ඔණෑම තකතීරුවෙකුට වුණත් තේරෙනවා මේ අවස්ථාවේදී සුරාසල් අරීම හොඳ නැති බව. බාලාංශයේ ළමයෙකුටත් ඒ දේ තේරෙනවා. ඇයි මේ අයට මේත තේරෙන්නේ නැත්තේ කියලා අපිට හරිම කනගාටුයි. කාගේද මේ තීරණ. කොරෝනාවෙන් අපි හොඳ දෙයක් කරමින් සිටින අවස්ථාවක මේ වගේ මෝඩ වැඩක් කිරීම ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීනියක් විදිහට අපි කනගාටු වෙනවා.

මම එනකොට සුරාසැල් ළඟ මිනිස්සු පොරකනවා දැක්කාම මට පුදුම හිතුණා. කොරෝනා අවදානමක් තියාගෙන මේ මිනිස්සු පොරකනවා දැක්කම පුදුම නොවී අපි මොනවා කරන්නද? කාගෙද මේ තීරණය. මේ ඉටුකළේ කාගේ ඕනෑ එපාකමක්ද? කරුණාකරලා ජනතාව දැනවත් කරන්න. නැත්නම් ජනතාව අපි ගැනත් සැක හිතනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න