පීබී වැටුණු අමාරුවේ ආටිගලත් :ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් රතු එළියක් !

පීබී වැටුණු අමාරුවේ ආටිගලත්  :ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් රතු එළියක් !

වත්මන් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර 2001-2003 කාලවකවානුවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස, රජයට අයත් වරායේ ඉඩම් අක්කර 8ක් , තෙල් සැපයීමේ ව්‍යාපාරය සහ රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීමේදී නීතිය අභිබවා කටයුතු කළ බවට 2008දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ පරිදි ඉදිරි කාලයේදී වර්තමාන භාන්ඩාගාර ලේකම් එස් ආර් ආටිගලටද නඩු වැටෙන බව ජාතික සංවිධාන එකමුතුව අනතුරු අඟවයි.

පසුගිය සිකුරාදා(17) රාත්‍රී 12ට ගිවිසුමක් අත්සන් කර රජයට අයත් “යුගදනව්” බලාගාරයේ කොටස් අමෙරිකාවේ NFF සමාගමට විකිණීම පිළිබඳව ලංකා ලීඩ් “වෙබ්” පුවත් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසා සිටි අවස්ථාවේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර ඉහත අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එදා මෙන්ම අදත් අමාත්‍යය මණ්ඩලයේ නිසි අවසරය නොමැතිව සහ නීතියට පිටින් විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ එකඟතාවය නොමැතිව එවැනි ගිවිසුම් අත්සන් කිරීමට වරද වර්තමාන භාන්ඩාගාර ලේකම්වරයා මත පැටවෙන බව වෛද්‍යය වසන්ත බංඩාර එහිදී වැඩිදුරටත් පවසා ඇත.

ඉදිරි ආණ්ඩුවක් යටතේ හෝ මේ ආණ්ඩුව යටතේම ඔහුට විරුද්ධව නඩු පැවරීමට හැකියාව ඇති බව මෙන්ම, පී.බී ජයසුන්දරට රැකියාව පමණක් අහිමි වුවද මෙම වරද ඊට වඩා බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු සඳහන් කරයි.

ජාතික සංවිධාන එකමුතුව වත්මන් ආණ්ඩුව පිහිටුවීමට ජනතාව පෙළගැස්සවීම වෙනුවෙන් මතය සැකසීමට දැඩි මැදිහත්වීමක් සිදුකළ සංවිධානයකි.

මේ වන විට ජාතික සංවිධාන එකමුතුව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කරන අතර ඉදිරි දේශපාලන බෙදීමක් හමුවේ බොහෝ දුරට වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල සම්බන්ධයෙන් ද අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න