චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පල ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීම යටතේ නැවතත් එම පොහොර අනුමත කිරීමට කටයුතු කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න සඳහන් කරයි.
ඒ අනුව ප්‍රමිති ආයතනය විසින් මෙම පොහොර මෙරට පොළවට සුදුසු බවට නිවේදන නිකුත් කරන්න සූදානම් වන බවද ඔහු පැවසීය.
ඔහු මේ අදහස් දක්වා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කාර්‍යාලයේ මාධ්‍ය හමුවකදී ය.
මුලින් ප්‍රතික්ෂේප වූ පොහොර නැවත සුදුසු තත්ත්වයට පත් වන්නේ කෙසේදැයි යනුවෙන් ද ඔහු එහිදී ප්‍රශ්න කර ඇත.
අදාල පොහොර තොගය නිකුත් කරන්නැයි ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේ ය.
(මූලාශ්‍රය : lanka c news)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
