රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමක : හිටපු ආණ්ඩුකාර චෝදනා කරයි !

රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමක : හිටපු ආණ්ඩුකාර චෝදනා කරයි !

කාබනික වගාව සාර්ථකයි කියා රට-ලෝකය රවට්ටන්න, රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමකට අනුග්‍රහය ලබා දෙනවා. ලියාපදිංචි කඩවල්වල කෘෂි රසායනය නෑ. හැබැයි, මහ ගස් පවා මරණ, පසට ඇසිඩ් ගැහුවා වගේ පිච්චෙන ‘බෝට්ටු බඩු වල් බෙහෙත්‘ ඕනී තරම් තියෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

කාබනික වගාව සාර්ථක යැයි ඔප්පු කිරීමට කිසිදු ප්‍රමිතියක් නැති නීති විරෝධී කෘෂි රසායනය බෝට්ටු මගින් රට තුලට රැගෙන ඒමට රජය ඉඩ දී ඇත. කාබනික වගාව යැයි රටත්-ජාතියත්-ලෝකයත් අන්දමින් අධි විෂ කෘෂි රසායන මහපොළොව-පරිසරයට නිදහස් කිරීමට රජය ඉඩ හැර ඇත.

කෘෂි රසායනය හෝ පොහොර ගෙන්වීම සඳහා රජයේ ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන නිසා ලෝකයේ කිසිදු රටක නැති 100% කාබනික සිහින සංකල්පයක් මෙරට පැල කිරීමට රජය උත්සහ දරයි. ලංකාවේ දුප්පත් ගොවියන්ගේ කණ-කර රත්තරං බඩු ටික බෝට්ටු මගින් ඉන්දියාවට යවා සිදු කරන නීති විරෝධී කෘෂි රසායන ජාවාරම නැවැත්වීමට රජය ක්‍රියා කළ යුතුය.

අද කෘෂිකර්ම අමාත්‍යාංශයයි, කෘෂිකර්ම ඇමතිලයි, නිලධාරි මණ්ඩලයයි, ගොවියාට හිතකර කෘෂිකර්මය හැර අනිත් හැමදේම කරන්වා. නීති විරෝධී වල්, දිලීර හා කෘමිනාශක රට පුරා ජාවාරම්කරුවෝ බෙදා හරිනවා. කෘෂි රසායන පාලනය සඳහා වගකීම් පැවරී ඇති පළිබෝධක නාශක පාලන අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති ආයතනය ඇතුළු කිසිදු ආයතනයක් නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන අලෙවිය, ප්‍රවාහනය හෝ ගබඩා කිරීම් පිළිබඳ සොයන්නේ නෑ. මෙහෙයුම් කරන්නේ නෑ.

පලිබෝධ නාශක පනත ක්‍රියාත්මක වෙන්නේ රුපියල් පනහක් වැඩි මිලට විකුණ වෙළෙන්දාට විතරයි. මහා පරිමාන නීති විරෝධී කෘෂි රසායන ජාවාරමක් රටේ සිද්ධ වෙනවා. මන්නාරම, කාත්තන්කුඩි, ත්‍රිකුණාමය, වැලිගම ආශ්‍රිතව ධීවර බෝට්ටුවලින් රට තුලට රැගෙන එනවා.

ඉන්දියාවෙන්, චීනයෙන් ගෙන් සමහර කෘෂිරසායන අපේ රටේ තහනම් කළේ දැන් අවුරුදු 15- 20 කට කලින්. මේ කාබනික උන්මාදය හැදෙන්න ඉස්සර අපේ රටේ හොඳ පළිබෝධක නාශක පාලනයක් තිබුණා. දැන් පළිබෝධන නාශක පාලනයක් තියා ප්‍රමිතියක් තියෙන බෙහෙතක් හොයා ගන්න බෑ. හැබැයි රට පුරා ජාවාරම්කාරයෝ රොත්තක් කළු කඩ ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා.

රජය නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන හොර පාරවල් වහන්නට වහා පියවර ගත යුතුයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න