Language Switcher

V2025

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලන : විරෝධතා රැල්ල ඇමරිකාවටත් !

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙනෙන ලෙසත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ඊයේ (22) අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් නිව්යෝක් නුවර විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.

පෙරවරු 9.30ට මැන්හැටන්හි ඩැග් හැමර්ස්කොල් ප්ලාසාහි මෙම උද්ඝෝෂණය ආරම්භ වී ඇති අතර ඊට කළු ඇදුමින් සැරසුණු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්රැස් වී සිටි බවත් වාර්තා වෙයි.

විදෙස් රටවල මෙවැනි විරෝධතා සිදු කිරීම ආරම්භ වූයේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරය අතරතුරදීය.

එහිදී ඉතාලියේ බොලොඤ්ඤා නුවර අගමැතිවරයා සමුලුව අමතමින් සිටියදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා විරෝධතාවක නිරත විය. එසේම විරුද්ධවාදීන් මර්දනය නවත්වන ලෙසත් එහිදී බලකෙරින.

ඉන් අනතුරුව ප්‍රංශයේ පැරිස් නුවරද මේ ආකාරයේම විරෝධතාවක් ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වනු ලැබ තිබිණ. දැන් ඇමරිකාවේ පැවැත්වුණ අතර තවත් උද්ඝෝෂණයක් එංගලන්තයේ සංවිධානය වෙමින් ඇති බව සමාජ මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

IMG 20210922 WA0020

IMG 20210922 WA0021

IMG 20210922 WA0022

IMG 20210922 WA0026

IMG 20210922 WA0031

IMG 20210922 WA0032 1