හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මේ මස 08වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ බදියුදීන්ට එරෙහි පැමිණිල්ල අද (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
සැකකාර රිෂාඩ් බදියුදීන මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් "කෝලෝසස්" තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දක්වා තඹ තොග ලබා දීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාස පහකට අධික කාලයක් රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (02) වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු මෙම සිද්ධියට අදාළව පළමු වරට අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ ඉකුත් සැප්තැම්බර් මස 10 වැනිදාය.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
