සුදුළූණු වංචාවක් සතොස ආයතනයේ සිදු වූ බව අවංකවම පිළිගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
එම ආයතනයේ වංචාවක් සිදු වූ පළමු හෝ අවසන් අවස්ථාව එය නොවන බවත් අමාත්‍යවරයා පවසයි.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේ සඳහන් කර සිටියේ විපක්ෂ නායක මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.
සුදුළූණු වංචාව සම්බන්ධ ගනුදෙනුවේදී ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව මිල ගණන් අයථා ලෙස ලබාගෙන ඇති බව මෙන්ම ඊට අදාළ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
අදාළ මිලදී ගැනීම් පවා සිදුවී ඇත්තේ නිශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
