Language Switcher

V2025

ලංකා ඉතිහාසයේ සුපිරිම ආණ්ඩුව : ගෑස් මිල අහස උසට !

කිලෝ ග්‍රෑම් 12.5 ලිත්‍රො ගෘහස්ත ගෑස් සිලිනඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1257 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 දක්වා ඉහල යයි.

කිලෝ ග‍්‍රෑම් 5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1101කි.

කිලෝ ග‍්‍රෑම් 2.5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.

මිල ඉහල දැමීම පැවති මිලට සාපේක්‍ෂව 100%ක ආසන්න මිල වැඩි කිරීමකි.

රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරමින් සිටී.

මේ අතර සමාජ මාධ්‍ය වල ප්‍රශ්න කරමින් ඇත්තේ මේ ටික කරන්න ආණ්ඩුවක් ඕනද කියාය.

ඔවුන්ට අමතක මේ ජනතාව පත්කරගත් ආණ්ඩුවක් බවයි. ඒ ප්‍රශ්නයට පිළිතුර වන්නේ , ලංකාව වැනි රටවල මිනිසුන් මේ වගේ ආණ්ඩු පත්කර ගන්නේ ඔයටික කරව ගන්න නොවේ නම් වෙන අහවල් එකකටද යන්නයි.