Language Switcher

V2025

ඒකාබද්ධ විපක්ෂයේ තවත් කෙරුමෙක් හිරේ

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනා මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරුවරයා අද (19) නියෝග කර ඇත.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ පවතින නඩුවට අදාළ ඇප ලබා සිටි මොවුන් දෙනොට සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබු නමුත් ඔවුන් දෙදෙනා 2017 අගෝස්තු මාසයේ සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම හේතුවෙන් ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාවට මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.