ආණ්ඩුව හැර යන්න : ශ්‍රීලනිප පළමු වෙඩිමුරය දුමින්දගෙන් !

ආණ්ඩුව හැර යන්න : ශ්‍රීලනිප පළමු වෙඩිමුරය දුමින්දගෙන් !

ජය පරාජය කුමක්‌ වුවත් ඉදිරි මැතිවරණ සඳහා තනි පක්‍ෂයක්‌ ලෙස තරග කළ යුතු බවට අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ශාඛාවේදී යෝජනාවක්‌ සම්මත විය.

දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ, යොවුන් පෙරමුණ, ගොවි සංවිධානය, ගුරු පෙරමුණ, කාන්තා පෙරමුණ සහ අනුබද්ධ සංවිධාන සඳහා නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ රැස්වීම රාජ්‍ය අමාත්‍ය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් තොටුපළ පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රීලනිප දිස්ත්‍රික් තරුණ පෙරමුණේ ලේකම් සමන් කුමාර මහතා විසින් ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස තරග කළ යුතු බවට යෝජනා කළ අතර එය සියලු සංවිධාන නියෝජිතයින් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

රැස්වීම අමතමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දුන් නමුත් අපේක්ෂා කළ පරිදි නිසි පිළිගැනීමක් නොලැබුණු බවයි.

“ශ්‍රීලනිප හිතවාදීන්ගේ මතය නම් ඉදිරි මැතිවරණයට පක්ෂය තනි පක්ෂයක් ලෙස තරග කළ යුතු බව නම් එම තීරණය ආසන සංවිධායකවරුන් දැනුවත් කළ යුතුයි. ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරා ගත යුත්තේ ඔවුන්ගේ සුදුසුකම් සලකා බලායි.”

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය තිස්ස කරලියැද්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න