මෛත්‍රීට කැපූ වලේ බැසිල් වැටිලා !

මෛත්‍රීට කැපූ වලේ බැසිල් වැටිලා !

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය කථාව අනුව ධූර කාලය වසර 10ක් සම්පූර්ණ නොවුන ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වන බව සඳහන් කළද එය ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනරජයේ ජනාධිපතිවරයා යනුවෙන් දක්වා තිබෙන අනු ව්‍යවස්ථාවේ 36 (II) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිධූරය දරණ පුද්ගලයෙකු හට විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හිමිකම තහවුරු කර ඇත. ඒ අනුව මුදල් ඇමතිවරයාගේ කථාව ක්‍රියාත්මක කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුව තිබේ.

එම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට විශ්‍රාම වැටුප තහවුරු කර තිබෙන්නේ ” යම් තැනැත්තෙකු විසින් ජනාධිපතිධූරය භාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමටද ඉන් පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමටද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය.” යනුවෙන් දැක්වේ. එසේම මෙම වගන්ති සංශෝධනය කළහොත් එය අතීතයට බල නොපාන බවද මේ මගින් තහවුරු කර ඇත.

මෙම අදහස ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ගෙන එනු ලැබුවහොත් එය මහින්ද රාජපක්ෂටද විශ්‍රාම වැටුප අහෝසි කෙරෙන්නක් බවද හෙළිවේ. මහින්ද රාජපක්ෂ තමන්ගේ ජනාධිපති ධූර කාල දෙක සම්පූර්ණ කර අවුරුදු 10ක් ආවරණය නොවීම නිසා මෙම තත්වය උදාවී තිබේ.

lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න