රාජපක්ෂ පවුල රටට උහුලන්න බැරි බරක් !

රාජපක්ෂ පවුල රටට උහුලන්න බැරි බරක් !

රටකට උහුලන්න බැරි පවුල් බරක් බවට රාජපක්ෂ පවුල පත්ව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුව හමුවට අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ‘රාජ්‍ය සේවය මහ බරක්’ යැයි සිදුකරනු ලැබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළකරනු ලැබූවේ අද (16) පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

" බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා ඇත්තටම රටකට උහුලන්න බැරි රාජ්‍ය සේවයක්ලු දැන් තියෙන්නේ. අපට කියන්න තියෙන්නේ ඒක නෙවෙයි. රටකට උහුලන්න බැරි පවුල් බරක් දැන් තියෙනවා. ඒ තමයි රාජපක්ෂ පවුලේ බර. ඒක රාජ්‍ය සේවකයින්ට විතරක් නෙවෙයි මුළු රටේම ජනතාවට දැන් බරක් වෙලා තියෙන්නේ. හැමෝටම දැන් රාජපක්ෂ පවුලයි. ඒ පවුල වටා ඉන්න හොර නඩයයි. හොර නඩය වටේ ඉන්න ව්‍යාපාරික නඩය වගේ ටික දෙනෙක් නිසා කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයින්ට, සාමාන්‍ය ජනතාවට බදුපිට බදු ගෙවන්න වෙලා තියෙනවා මේ නඩය නඩත්තු කරන්න."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න