රට සුරපුරක් නොවුණේ රාජ්‍ය නිලධාරින් හරියට වැඩ නොකළ නිසා ?

රට සුරපුරක් නොවුණේ රාජ්‍ය නිලධාරින් හරියට වැඩ නොකළ නිසා ?

මෙරට රාජ්‍ය සේවකයන් තම රාජකාරිය හරියට කළේ නම් අද අපේ රට සුරපුරයක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි.

ඔහු මෙසේ පැවසුවේ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

අමාත්‍යවරයා එහිදී මෙසේද කියා සිටියේය.

‘ලෝකයේ අපිට වඩා, ජනගහනය වැඩි දියුණු රටවල් සමග සංසන්දනය කරද්දී, අපේ රටේ රාජ්‍ය සේවකයන් ප‍්‍රමාණය ඒ රටවලට සාපේක්‍ෂව ඉතාම ඉහළ ප‍්‍රතිශතයක් ගන්නවා. ආසියාවේ, ශ‍්‍රී ලංකාවට වඩා ජනගහනයෙන් වැඩි රටවල් ගණනාවක් තිබුණත්, මුළු ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයන් පිරිසක් ඉන්න රට ශ‍්‍රී ලංකාව. එහෙම වුණත්, මහජන නියෝජිතයන් විදියට අපෙනුත්, රාජ්‍ය සේවයේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගෙනුත් සිදුවිය යුතු සේවය, නිවැරදිව ඉටු වෙන්නේ නැහැ කියන එක මගේ හැ`ගීමයි. එහෙම වුණා නම්, අද අපේ රට සුරපුරයක් වෙන්න තිබුණා. අද අපේ රට තියෙන ස්ථානය ගැන කල්පනා කරද්දී අපිට සතුටු වෙන්න බෑ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න