හදිසියේම කබ්‍රාල්ට පීබීගේ හැකියාව සිහිපත් වුණේ ඇයි ?

 හදිසියේම කබ්‍රාල්ට පීබීගේ හැකියාව සිහිපත් වුණේ ඇයි ?

ජනාධිපති ලේකම් ධූරයෙන් විශ්‍රාම ගිය පී.බී.ජයසුන්දරගේ සේවය අගයමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් පසුගිය 19 වෙනිදා තැබූ ට්විටර් සටහනක් ගැන දේශපාලන ක්ශේත්‍රයේ තවමත් අවධානය යොමුව පවතී.

ඒ ට්වීටර් සටහන තබමින් මහ බැංකු අධිපති කබ්රාල් සදහන් කර ඇත්තේ ආචාර්ය පී.බී. ජයසුන්දර 2005 සිටම ආර්ථික අර්බූදයෙන් මිදීම සදහා විශිෂ්ට සේවාවක් කළ අයෙකු බවය.

තවද ඉදිරියේදීත් පීබී ජයසුන්දර ගේ සේවය අත්‍යවශ්‍ය බවද එම සටහනේ මහ බැංකු අධිපති කබ්රාල් සඳහන් කර ඇත.

එහෙත් ප්‍රසිද්ධ කරුණක් වන්නේ ඔතරම් සේවයක් කළ බව කියන ආචාර්ය පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස ධූරයෙන් විශ්‍රාම යනවිට ඒ අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි නොවීමය.

ඒ සම්බන්ධයෙන් ආචාර්ය පීබී ජයසුන්දර දැඩි හිත්වේදනාවකින් පසුව ඇති බවටත් දේශපාලන ක්ශේත්‍රයේ තොරතුරු ප්‍රසිද්ධ විය.

මොකද කබ්‍රාල් මේ ?

මේ ට්වීටර් සටහන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් දැම්මේ ඇත්තටම කෘතගුණ දක්වන්නද නැත්නම් පීබීගේ තැවුල් සිත තවත් පාරන්නද අපි දන්නේ නැත. එහෙත් හිතක් හදන්න නම් ඔය ට්වීටර් සටහන තබන්න මෙච්චර කල් ගියේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

සමහර විට ආචාර්ය පීබී ජයසුන්දර ගේ සේවය , ඒ දැනුම නැතුව ආණ්ඩුව හිරවෙලා ඉන්නවා වෙන්නද පුළුවන. මහ බැංකු අධිපති නිවාඩ් කබ්‍රාල්ගේ උත්සාහය පීබීවත් ආර්ථික යාන්ත්‍රණයේ කොතනට හෝ ගැට ගස්සවා ගෙන ජාමේ බේරාගැනීමට ද යන්න බලන්න වෙන්නේ ඉස්සරහට ය.

thank a

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න