උසස් පෙළ ශාලාධිපතිවරුන්ට විභාග කොමසාරිස්ගෙන් නියෝගයක්

උසස් පෙළ ශාලාධිපතිවරුන්ට විභාග කොමසාරිස්ගෙන් නියෝගයක්

මෙවර අපොස උසස් පෙළ විභාගයේ රාජකාරී හි නිරත සියලු ශාලාධිපතිවරු ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් වේලාව සකස් කරගත යුතු බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා නිත්‍ය නියෝගයක් පනවා තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන  මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා,

"පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී චෝදනාවක් ආවා විභාග දෙපාර්තමේන්තුවට. මධ්‍යස්ථාන තුන හතරක එක්කෝ උත්තර පත්තරය වේලාසනින් එකතු කරලා. නැත්නම් ප්‍රමාද වෙලා දුන්නා කියලා. ඒ නිසා අපි මෙවර නිත්‍ය නියෝගයක් පනවල තියෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා හැටියට සියලුම ශාලාධිපතිවරුන්ට.තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රෝනික ඔරලෝසුවකින් සකස් කරගන්න ඕන. ඒ වගේම වේලාව ප්‍රදර්ශනය කරන්න ඕන. තමන්ගේ අත් ඔරලෝසුවේ වෙලාවට සියලුම නිරීක්ෂකයන්ගේ, සහකාර ශාලාධිපතිවරයාගේ වේලාව සකස් කරන්න ඕනේ. එකම වෙලාවයි ශාලාවේ තියෙන්නේ. දූලා පුතාලගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පංති කාමරය භාර ගුරුතුමියගෙන් හෝ ගුරුතුමාගෙන් ඔරලෝසුවේ වෙලාව දැනගන්න. ඒ වෙලාවට තමන්ගේ වෙලාවත් හදාගන්න."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න