Language Switcher

Ad

Ad 01

V2025

මාස 6 කට පෞද්ගලික අංශයෙන් විදුලිය ගන්න ටෙන්ඩරයක් !

විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මාස හයකට විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත.

ඒ සදහා ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

ටෙන්ඩර් කැඳවීමේදී මහා පරිමාණ හා සුළු පරිමාණ විදුලි සැපයුම් කරුවන්ගෙන් මිල ගනන් කැඳවන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ ට උපදෙස් දී ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.