රාජපක්ෂ පවුලේ නීතිඥයාටත් දේශපාලන නිදහස අහිමි වෙලා !

රාජපක්ෂ පවුලේ නීතිඥයාටත් දේශපාලන නිදහස අහිමි වෙලා !

තමන්ට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකත්වය ලැබුනේ තමන් රාජපක්ෂ පවුලේ නීතීඥයා වූ නිසා බවත් මේ වනවිට තමන්ට මොරටුව ආසනය තුළ දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදෙන කනගාටුදායක තත්වයට පත්ව ඇති බවත් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත් අනාවරණය කරයි.

ඔහු මේ බව පැවසූවේ සිරස පැතිකඩ වැඩසටහනට එක්වෙමිණි.

“සමහර අවස්ථාවල අපි ආණ්ඩුව තුළ ඉඳගෙනත් ආණ්ඩුවේ සමහර මතවාදවලට විරුද්ධව කතා කළා. ඉතිං මම විශ්වාස කළා, එවැනි මතවාද තුළ මම මගේ කණ්ඩායමේ තවත් සගයෙකු එක්ක රූපවාහිනී නාලිකාවකට ගියොත් ඒක මගේ කණ්ඩායමට යම් ආකාරයක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒ තුළ මම යම් ප්‍රමාණයක අඩියක් පස්සට අරගෙන හිටියා.”

“මම සත්‍ය ගවේශකයෝ සංවිධානය හරහා සහ රාජපක්ෂ පවුලේ නිතීඥවරයා හැටියට කරපු කාර්යාවලිය උදෙසා තමයි මට මම හිතන්නේ නාමයෝජනා ලැබෙන්නේ. එතකොට අපි පවතින දේශපාලන ව්‍යූහය තුළ ඡන්ද කොට්ඨාස වෙන් වෙච්ච සාම්ප්‍රදායික දේශපානඥයෝ හිටියා. එතකොට අවසානයේ බැසිල් රාජපක්ෂ මහත්තායට, ඒ රාජපක්ෂ පවුලේ අයට ස්තූතිවන්ත වෙන්න ඕනී.”

“ඒ අවස්ථාව වෙනකොට අර දේශපාලන අරගලය තුළ අපිට ඉතුරුවෙලා තිබ්බේ බොහොම සීමිත මැතිවරණ කොට්ඨාස කිහිපයක් විතරයි. දේශපාලන අනාගතය සහ ඔය කාරණා එක්ක බලනකොට මොරටුව වගේ ප්‍රදේශයක් තුළ යම් හොඳ නායකත්වයක් ලබා දුන්නොත් ඒ ප්‍රදේශ සංවර්ධනය කරලා කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කළා. තවදුරටත් ඒ කොට්ඨාස අයිතිකාරයෝ එක්ක හැප්පෙනවට වඩා නිතරඟයෙන් ගිහිල්ලා වැඩකරලා නායකත්වය දීමේ හැකියාව ඇතැයි කියලා මම විශ්වාස කළා. හැබැයි ඒකේ අනික්පැත්ත තමයි සිද්ධ වුනේ. මම හිතුවට වඩා බලපෑමක්, ඒ මොරටුව ප්‍රදේශයේ වැඩකරගෙන යන්න බැරි තත්වයක්ම අද නිර්මාණය වෙලා තියෙනවා ජනාධිපතිතුමා ඒක ලබාදුන්නත්.”

එදා තිබූ බත්පැකැට් එකට අරක්කු බෝතලේට තිබුණු ජනතාවගේ දේශපාලන ශාක්ෂරතාවය වර්තමානය වනවිට වෙනස් වී ඇතියිද ඔහු වැඩිදුරටත් පවසයි.

Lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න