බිත්තර මෙහෙයුම : කැබිනට් ප්‍රකාශක හෙළාදකියි !

බිත්තර මෙහෙයුම : කැබිනට් ප්‍රකාශක හෙළාදකියි !

ජනතා විමුක්ති පෙරමුණට අයත් ජාතික ජනබලවේගය රැස්වීමක් වෙත එල්ල වූ බිත්තර ප්‍රහාරය අතිශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇති බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ පවසයි.

කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක මේ බව පවසා සිටියේ අද (01) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම සදහා මෙවැන්නක් කිසිවකු විසින් සිදු කොට ඇති බවකි.

කෙසේ වුවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ඉල්ලා ඇත. ඒ අදාළ බිත්තර ප්‍රහාරය එල්ල කරමින් සිටියදී ජවිපෙ සාමාජිකයන් ග්‍රහණයට පත්වූ සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ අතර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගේ නමත් කියවුණු නිසාය.

මේ අතර ඊයේ (31) පැවති ජවිපෙ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙකී බිත්තර ප්‍රහාරයේ වගකීම ඇවර්න්ගාඩ් හිමිකරු වන නිශ්ශංක සේනාපතිට යොමු කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න