අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් රජයේ සහ රජය අනුමත සියලු පාසල්වල සියලු ශ්‍රේණි සඳහා ලබන 07 වැනිදා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව 2021(2022) අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන කාලය තුළ ප්‍රාථමික අංශ හා ප්‍රාථමික පාසල් සදහා නිවාඩු ලබා නොදෙන බව දන්වා තිබණුද උක්ත විභාගයට ප්‍රමුඛතාවය ලබා දෙමින්, 2022-02-07 වැනි දින සිට 2022-03-06 වැනි දින දක්වා ප්‍රාථමික අංශ හා ප්‍රාථමික පාසල් සදහා ද නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.