කොරෝනා සමාජගත වෙලා කියලා හිතාගෙන වැඩකරන්න !

කොරෝනා සමාජගත වෙලා කියලා හිතාගෙන වැඩකරන්න !

කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇතැයි පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පැවසීය.

කෙසේ වෙතත් වෛරසය සමාජය තුල පැතිරී තිබේද පොකුරක් ලෙස පවතී ද යන්න පිළිබඳව විද්‍යාත්මකව සනාථ කිරීමක් මෙරට තුල තවමත් සිදු කර නොමැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න