බැසිල්ගේ අලුත් පනතට : විමල්ගේ නඩය විරුද්ධයි !

බැසිල්ගේ අලුත් පනතට :  විමල්ගේ නඩය විරුද්ධයි !

විශේෂ ජීඑස්ටී බදු පැනවීම සඳහා ඉදිරිපත් කරන නව බදු පනත මගින් මුදල් ඇමතිට තම හිතවත් මහා සමාගම් වලට බදු සහන දීම මගින් බදු වංචාව කරන්න ඉඩ ලැබෙන බවත් මේ නව පනත් බදු වංචා පනතක් ලෙස හැඳින්වීමේ වරදක් නැති බවත් ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි.

ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලීඩ් නිව්ස් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් 25%ක් පමණ එකතු කිරීමේ බලය මහා භාන්ඩාගාරයට ලැබෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු බලය මහා භාන්ඩාගාරයට ලැබෙන බවත් එහිදී ඔහු පවසයි.

එසේම මේ ක්‍රමය අනුව රේගුව සුරාබදු සහ දේශීය ආදායම් පනත් අනුව එකතු කළ යුතු බදු මේ ආකාරයට වෙනත් ක්‍රමයකට එකතු කරන්න හදන්නේ බදු වංචා සිදුකිරීමට අවස්ථාව ගැනීම සඳහා බවට ඔහු බරපතළ සැකසංකා මතු කරයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිස විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රමුඛ කරගනිමින් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ජාතිවාදී මත සැකසූවන් අතර ප්‍රධානියකු ලෙස දේශපාලන විචාරකයන් හඳුන්වයි.

ඒ අනුව විචාරකයන් පවසන්නේ විමල් පාර්ශ්වය සහ බැසිල් පාර්ශ්වය අතර මේ සම්බන්ධයෙන් ද ගැටුම්කාරී තත්ත්වයක් මතුවිය හැකි බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න