Language Switcher

V2025

ටී එක රුපියල් 100 යි : ඇති හැකි අය විතරක් බොන්න !

කිරි තේ එකක මිල රුපියල් 100ක් වන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි කැඳවුම් කරු අසේල සම්පත් මාධ්‍ය වෙත සඳහන් කලේ කිරිපිටි මිල ඉහල දැමීමට ගෙන ඇති තීරණය අනුව මෙම පියවර ගන්නා බවයි.

ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් මේ වනවිට රුපියල් 790 ක් වන අතර ගෑස් මිලද මේ වනවිට ඉහළ නංවා තිබේ.

ඒ පසුබිමේ ඇතැම් විට ආපනශාලා වල කිරි තේ ලබාදීමට නොහැකි විය හැකි බවත් ඔහු අවධාරණය කර ඇත.