රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීම වෙනස් ක්‍රමයකට

රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීම වෙනස් ක්‍රමයකට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසුම සඳහා විද්‍යුත් ක්‍රමවේදය යොදා නොගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අද (28) පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී මෙම තීන්දුව ගෙන ඇත.

සමාගමට සොයා ගන්නට නොහැකිවූ ලෙඩක් !

වාර්තා වන ආකාරයට පක්ෂ නායකයින් මෙම තීන්දුව ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන්දය ප්‍රකාශ කිරීමට යොදාගත් විද්‍යුත් යන්ත්‍රය දෝෂ සහිත බව පසුගියදා අනාවරණය වීම මතය. ඒ පසුගිය 23 වනදා වන අතර එහිදී එස්.බී. දිසානායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නොසිටි නමුත් විද්‍යුත් ජන්ද පුවරුවේ සටහන් වුයේ අමාත්‍යවරයා ජන්දය ලබාදී ඇති බවටය.

ඒ බව පෙන්වා දෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක්ද පැවැත්වූ අතර ඒ නිසාම දැඩි උණුසුම්කාරී වාතාවරණයක්ද ඇති විය.

යන්ත්‍රයේ දෝෂය හදලා තියෙන්නේ

අදාළ දෝෂය කුමක්ද යන්න හඳුනා ගන්නට එම යන්ත්‍රය සවිකළ ආයතනයද එම දෝෂය හඳුනා ගන්නට අසමත්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළවූ නමුත් පසුව පාර්ලිමේන්තුවේ නිලධාරියකු අනාවරණය කර සිටියේ අදාළ දෝෂය සකසා අවසන් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න