අගමැති යටතේ වූ ආයතන රැසක් වෙනත් අමාත්‍යංශ යටතට

අගමැති යටතේ වූ ආයතන රැසක් වෙනත් අමාත්‍යංශ යටතට

අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සතු ආයතන රැසක් එම අමාත්‍යංශයේ විෂය පථයෙන් ඉවත්කොට වෙනත් අමාත්‍යංශ වෙත පවරන්නට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

පසුගියදා සිදුකළ කැබිනට් සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය තුළ මෙම විෂය වෙනස්කම් සිදුකොට ඇති අතර ඒ අනුව ජාතික මෙහෙයුම් මැදිරිය, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ණය තොරතුරු කාර්යාංශය, ජාතික වැටුප් කොමිසම, ජාතික රක්ෂණ භාර අරමුදල, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා සභාව, වර්ජන කෝලාහල -සිවිල් කලබල ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, ජාතික තරුණ සේවා සභාව, ජාතික්ක යොවුන් සේනාංකය හා ජාතික යෞවන තිලිණ ප්‍රධාන අධිකාරිය,ශ්‍රී ලංකා මහ බැංකුව,ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම යන ආයතන අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත්කොට ඇත.

අංක 2064/26 න් යුතු එම ගැසට් නිවේදනය අනුව මෙතෙක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ තිබු ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට පවරා ඇති නමුත් රක්ෂණ සංස්ථාව සතුව තිබු ලිට්රෝ ගෑස් සමාගම ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට පවරා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න