තිලක් මාරපන කමිටු වාර්තාව ඉවත දමයි : රවීට උපනායක පදවිය හිමිවෙයි

තිලක් මාරපන කමිටු වාර්තාව ඉවත දමයි : රවීට උපනායක පදවිය හිමිවෙයි

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සඳහා එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමට පත්කළ තිලක් මාරපන කමිටුව විසින් නිකුත් කළ වාර්තාව බලරහිත කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරි මණ්ඩලය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමේ දී මෙම තීන්දුව ගෙන තිබෙන අතර තිලක් මාරපන කමිටුව වහාම ක්‍රියාත්මකවන පරිදි විසුරවා හැරීමටද එහිදී තීන්දු කර තිබේ.

රවී වෙනුවෙන් රනිල් කරුණු දක්වයි !

වාර්තා වන ආකාරයට කෘත්‍යධිකාරි මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාල වාර්තාවේ නිර්දේශ බලරහිත බව පෙන්වා දෙමින් සිදුකළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුවය.

රවී ඉවත් කිරීමට නිර්දේශ කිරීම : කිසිම පදනමක් නැති නිර්දේශයක් !

එහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු දක්වමින් සඳහන් කර තිබෙන්නේ බැඳුම්කර සිද්ධිය ට අදාළව නීති පති දෙපාර්තමේන්තුව, එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු සම්බන්ධ බවට නිර්දේශ කර නොමැති පසුබිමක් තුල තිලක් මාරපන වාර්තාවේ නිර්දේශ වලංගු නොවන බවය. එසේම වාර්තාව පිළිබඳ වැඩිදුර සොයා බැලීම පසුවට කල් තැබිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා එහිදී යෝජනා කර ඇත.

ජනාධිපති බැඳුම්කර කොමිසමේ නිර්දේශ තුළ පවා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක නිදොස්කර තිබු නමුත් තිලක් මාරපන වාර්තාව යෝජනා කර තිබුණේ රවි කරුණානායක මහතා පක්ෂයේ උපනායක ධූරයෙන් ඉවත් කළ යුතු බවය.

රවී ඉවත් කිරීම දේශපාලන "ගේමක්" !

එම සමයේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවා සඳහන් කර තිබුණේ තිලක් මාරපන කමිටු වාර්තාවේ නිර්දේශ විකෘතියක් බවත් ජනාධිපති කොමිසමෙන් පවා නිර්දෝෂී වූ පාර්ශවයකට පක්ෂ අභ්‍යන්තරයේ දඬුවමක් නිර්දේශ කිරීම අදහාගත නොහැකි විකාරයක් මෙන්ම පෞද්ගලික දේශපාලන පළිගැනීමක් බවය.

රවී නැවතත් UNP උපනායක

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරි මණ්ඩලය අද ගත් තීරණය ත් සමග, එම වාර්තාවේ යෝජනා බල රහිත වන අතර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට නැවත පක්ෂයේ උපනායක පදවිය හිමිව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න