එක්සත් ජාතික පෙරමුණ : අගමැති රනිල් ගැන තීන්දුවක් ගනියි !

එක්සත් ජාතික පෙරමුණ : අගමැති රනිල් ගැන තීන්දුවක් ගනියි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සිය සම්පුර්ණ ශක්තිය යෙදවිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණ තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් 29 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී මෙම තීන්දුව ගෙන ඇත.

අගමැති ඉල්ලා අස්වීමේ යෝජනාව අතුරුදහන් !

එක්සත් ජාතික පෙරමුණේ මෙම විශේෂ පක්ෂ නායක හමුව පැවැත්වුයේ අග්‍රාමාත්‍යවරයා එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන අතර ඊට අදාළ තවත් හමුවක් පසුගිය 27 වනදා පස්වරුවේ දී සෞඛ්‍ය අමත්‍යංශයේදී ද පවත්වා තිබිණ.

එහිදී විශ්වාසභංගයට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලා සිටිය යුතු බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යෝජනා කර ඇතැයි වාර්තා වුවත් 29 වනදා පැවති හමුවේදී එවැනි යෝජනාවක් සිදුනොවූ බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව ඉදිරි දේශපාලන කටයුතු සංවිධානය කරන ආකාරය සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුව සම්බන්ධව ජනතාව අතර මතුව තිබෙන කළකිරීම සමනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධවද එහිදී අවධානය යොමුව ඇත.

නොසලකා හැරීම් තවදුරටත් වෙන්න දෙන්න එපා - එජාපෙ නායකයින්

එසේම එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියේදී කටයුතු කිරීමේදී එහි සිටින අනෙක් පක්ෂ සම්බන්ධව විධිමත් ප්‍රතිපත්තියක සිට කටයුතු කළයුතු බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේ සිදුවූ නොසළකා හැරීම් යළිත් සිදුනොවීමට කටයුතු යොදන ලෙස පක්ෂ නායකයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බවද වාර්තා වෙයි.

අගමැති රකිමු : කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතික තීන්දුවක

මේ අතර 29 රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයද ඒකමතිකව තීන්දු කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කළ යුතු බවය. එසේම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ඉදිරි මාස 2 ක තුළ සිදුකර අවසන් කිරීමටත් පක්ෂය නැවත ජයග්‍රාහී මාවතකට ගැනීම වෙනුවෙන් සියළු පක්ෂ ක්‍රියාකාරීන් එකමුතු කරන ආකාරයට එම ප්‍රතිසංවිධාන කටයුතු සිදුකල යුතු බවද කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධානය යොමුකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න