Language Switcher

V2025

ප්‍රතිපත්තියක් නැති දෙපත් නයින්ට පිදුවා හොඳටම ඇති ! : හරීන්ගේ කට්ට පනියි

එක වෙලාවකට එක පැත්තකත් තව වෙලාවත තව පැත්තක හිට ගන්න ශ්‍රීලනිප දෙපත්නයි සරම අස්සේ දමා ගැනීම නිසා අද වන විට එජාපයට කෑවෝ කෑවෝ කියන්න සිදුව තිබෙන බවත් විශ්වාසභංගයෙන් පසු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකුට අමාත්‍යධුර දරන්නට ඉඩදිය යුතු නැති අතර ඒ සමඟ ඇති ඇයිහොදයියත් අවසන් කළයුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට සහ පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් මැතිවරණ වේදිකා 110ක කතාකළ තමන්ට පවතින වාතාවරණය සම්බන්ධව දැඩි විරෝධයක් තිබෙන බවත් ජනතාව ආණ්ඩුවෙන් ඈත්වී පොහොට්ටුවට සමීපවීම සම්බන්ධව ශ්‍රීලනිපයේ තිබුණු කිසිම ප‍්‍රතිපත්තියක් නැති දේශපාලනය බලපෑ බවද අමාත්‍යවරයා පවසයි.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ අදහස් දැක්වුයේ පසුගියදා බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

කඩු ගත්තයි කිවුවා. කඩු කැරකෙව්වයි කිව්ව ගුරුවරු දණගස්සුවයි කිව්වා. කිසි විනය පරීක්ෂණයක් තවම නොකෙරුවට දැන්නම් අපි කටවහගෙන ඉන්නේ නැහැ. ජනාධිපතිතුමනි, අපිටත් දැන් පුංචි ප‍්‍රශ්නයක් තියෙනවා, මේ යහපාලනය කියන එක ඇයි අපේ නගර සභා ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු වෙනුවෙන් ගෙනාවේ නැත්තේ කියන දුක අපිට තියෙනවා.

පිං ජනාධිපතිලා, පිං ඇමතිලා සහ පිං මහ ඇමතිලා

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බදුල්ලේ කොට්ඨාස 13න් 07ක් එජාපය ජයග්‍රණය කළද හොල්මන් බෝනස් ක‍්‍රමයත් එක්ක පොහොට්ටුවට බෝනස් 2යි පැරදුනු ශ්‍රීලනිපයට පිං බෝනස් 05යි. නැවත වතාවක් කියනවා පිං ඇමතිලා පිං මහ ඇමතිලා පිං ජනාධිපතිලා ඉන්න රටේ පිං බෝනස් 05ක් ලැබී තිබෙන බව.

පාර්ලිමේන්තුවේ තියෙන යහපාලනය ප‍්‍රාදේශීය සභාවලත් ක‍්‍රියාත්මක කළා නම් අපිට ජයග‍්‍රහණය කරන්න තිබුණා. නමුත් පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් ප‍්‍රාදේශීය සභාවේ එක කරන්න බැරි වෙන්න හේතුව මොකක්ද? එතකොට මෙතන පැහැදිලිවම ගේමක් තියෙනවා. මේ ගේම එජාපය දියාරු කරන්න හදන එකක්. ඒක පැහැදිලි වෙන කාරණාව තමයි කාලෙකදී විශ්වාසභංග ගෙන එක. විශ්වාසභංගයේදී පරාජය කරන්න හදනවා. එක වෙලාවකට එක පැත්තකත් තව වෙලාවත තව පැත්තක හිට ගන්නවා. මුං මහා දෙපත්නයි.

ශ්‍රීලනිපයේ දෙපත් නයි වැඩ පිළිවෙළට විරුද්ධ වෙනවා !

ඒ වගේම පළාත් සභාව තුළත් අදින් පස්සේ පිංගුත්තර මහ ඇමතිලාට එජාපයේ සහයෝගය නැහැ. ඒ නිසා අද පැහැදිලිව කියනකවා අදින් පස්සේ බලමු පිංගුත්තර මහ ඇමතිලා කොහොමද තමන්ගේ මහ ඇමතිකමේ ආසන එජාපයේ සහයෝගය නැතිව ඌව පළාත් සභාවේ බේරගන්නේ කියලා. පොහොට්ටුවේ නෙවෙයි මොකාගේ ඇඟේ හරි එල්ලිලා හරි මේ ශ්‍රීලනිපයේ දෙපත් වැඩ පිළිවෙළට විරුද්ධව අපි අනිවාර්යයෙන්ම නැගී සිටිනවා.

රට අරාජිකවීමට හේතුව !

එසේම එක පිඟානෙන් කා තමන්ගේ වාසියට අනිත් පැත්ත හැරෙන ඉතාමත්ම පහත් නින්දිත දේශපාලනයක් නිසා අද රට අරාජික තත්ත්වයට පත්ව ඇති බවත් තනතුරු තනාන්තරවලදී එජාපයට අභියෝග එල්ල කරන කණ්ඩායම් දේශපාලනය ඇත්තේ පුටුවල මිස හදවත්වල නොවන බව මතක තබාගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

එජාපය මේ තරම් බලු විදිහට වැටෙන්න ඕනද

යහපාලනය කියන ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට එකක් සහ මෙතනට එකක් වෙන්න බැහැ. එහෙම නිකන් අපිව ටොයියෝ ගානට පාවිච්චි කරන්න ශ්‍රීලනිපයට මෙතනින් එහාට ඉඩ නැහැ. මගේ නායකයෝ මට මොනා කිවුවත් මේ සම්බන්ධයෙන් මොන විනය පියවරක් ගත්තත් අද මම කියන්න ඕන එකම එක දෙයයි ආණ්ඩුවක මහ ආණ්ඩුවේ එකකුයි පොඩි ආණ්ඩුවේ එකකුයි වෙන්න එජාපය මේ තරම් බලු විදිහට වැටෙන්න ඕනද කියන එක පිළිබඳ මට ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා.

කටා වහගෙන හිටියා ඇති !

අපේ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග ගේනවා. ඒවා ඇතුලෙත් ගේම් ගහනවා. එජාපය වට්ටන්න උත්සාහ ගන්නවා. කට වහගෙන ඉඳීමේ න්‍යාය තව කොච්චර දුරට ද කියන ප‍්‍රශ්නය අපි තුළ තියෙනවා. අර වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා. ගහන්න ගහන්න වඳින එකත් මෝඩයාලු. මෙහෙම වැඳ වැඳ ඉන්න අවශ්‍ය නැහැ. ඊට වඩා හොඳයි එළියට බැහැලා කෙලින් කථා කරලා ඇත්ත නැත්ත කථා කරලා මේ වගේ අහිංසක දිස්ත‍්‍රික්කයක් දිනලා ඉන්න කොට ආසනයක් දිනලා ඉන්නකොට කොට්ඨාසයක් දිනලා ඉන්නකොට ඒවට ගේම් ගහලා එජාප පරාජය කරන එකම විකෘති මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුත් එක්ක තවත් මොන දේශපාලනයක්ද එජාපයට"