වස බොන්න ගිය ඩිලාන් යකදුරාටත් අඳියි !

වස බොන්න ගිය ඩිලාන් යකදුරාටත් අඳියි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථිරවම ජයග්‍රහණය කරවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පළාත් පාලන මන්ත්‍රිවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර දියවන්නාවේ මෙතෙක් පැවති කොඩිවිනය ස්ථිර වශයෙන්ම හතර වැනිදා කපා දමන බවද පැවසීය.

එසේම රනිල් වික්‍රමසිංහ තරම් මෙතරක් අප‍්‍රසාදයට ලක් වූ අගමැතිවරයෙක් මෙරට ඉතිහාසයේ නොසිටි බවද අමාත්‍යවරයා පවසයි.

තොවිලය නටන්න වෙන්නේ කාටද : අප්‍රේල් 4 බලාගන්න - එජාප

ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධව අප කළ විමසීමකදී එජාප ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ වස බෝතල් අතට ගෙන මාධ්‍ය හමුවේ විකාර කළ ඩිලාන් පෙරේරා මේ අවස්ථාවේ යකදුරාට ඇන්දාට පුදුම විය යුතු නැති බවය.

එසේම ඩිලාන් අමාත්‍යවරයා වස කුප්පි හංගගෙන පසුගිය මහමැතිවරණයෙන් පසුව රාජ්‍ය ඇමතිකම ගත්ත ආකාරයට විශ්වාසභංගය පරාජයවීමෙන් පසුවද නියපොතු කමින් යකදුරා අමතක කර ඇමති පුටුවට එනු ඇති බවත් හරිනම් කළ යුතුව තිබෙන්නේ විශ්වාසභංගයට පක්ෂවීමට පෙර ඇමතිකමෙන් ඉවත්විම බවද ඔහු පවසයි.

එහෙත් විශ්වාසභංගය පරාජය වන බව ස්ථිරව දන්නා නිසා දැන් සිට බොරු තොවිල් නටන්නට ඩිලාන්, එස්.බී, සුසිල් වැනි අමාත්‍යවරුන් පිරිසක් කටයුතු කරන බවත් අප්‍රේල් 4 වනදාට තොවිල් නටන්න මෙන්ම දේශපාලනිකව වහ බොන්න සිදුවන්නේ කාටද යන්න බලා ගැනීමට හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අළුත් ආණ්ඩුවක් : අළුත් අගමැතිවරයෙක් - සුසිල්

කෙසේ නමුත් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්තද සඳහන් කර සිටින්නේ අප්‍රෙල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එරෙහි විශ්වාස භංග යොජනාවෙන් පසු නව ආණ්ඩුවක් ගොඩනැගෙනු ඇති බවය.
නව අගමැතිවරයෙකු යටතේ එම නව ආණ්ඩුව බිහිවනු ඇති බවත් රටේ ජනතාවගේ ප්‍රාර්ථනය එය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න