'ජනපති - අගමැති අතර එකඟතාවයක් නැහැ' - ජනාධිපති මාධ්‍ය අංශය

'ජනපති - අගමැති අතර එකඟතාවයක් නැහැ' - ජනාධිපති මාධ්‍ය අංශය

ඊයේ (29) රාත්‍රී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ පැවති විශේෂ භෝජන සංග්‍රහයකදී ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පුළුල් එකඟත්වයක් ඇතිකර ගෙන ඇතැයි පලවන වාර්තා වල කිසිඳු පදනමක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි ජනපතිවරයා සහ අගමැතිවරයා පැය 4කට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පූර්ණ සාකච්ඡාවක් පවත්වා ඇතැයි 'වෙබ් අඩවි කිහිපයක් ම වාර්තා කර තිබේ.

භෝජන සංග්‍රහය අවසානයේ ඇමති බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය විසින් අගමැතිවරයාගේ ප්‍රියතම පානයක් වන කළු කෝපි ද පිළිගන්වා ඇති බවත්, ජනපති අගමැති දෙදෙනාම සියලුම එදිරිවාදිරිකම් අවසන් කර සිනාමුසු මුහුණින් යුතුව අමාත්‍යවරයාගේ නිවසින් නික්ම ගොස් ඇති බවත් එම වෙබ් අඩවි වැඩිදුරටත් වාර්තා කර ඇත.

මෙම වෙබ් පුවත් සම්බන්ධයෙන් අද දහවල් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සත්‍ය හෙළිදරව් කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාට උපදෙස් දී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න