වැලිකඩ ඝාතනයේ සැකකාර එමිල් රංජන් අනිවාර්ය නිවාඩු යවයි

වැලිකඩ ඝාතනයේ සැකකාර එමිල් රංජන් අනිවාර්ය නිවාඩු යවයි

වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ සිදුවූ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා වහාම ක්‍රියාත්මක පරිදි අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මේ බව සනාථ කර තිබෙන සිදුවන විමර්ශන කටයුතු අවසන්වීමෙන් පසුව එමිල් රංජන් සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කර ඇත.

වැලිකඩ ඝාතනය සිදුවූ අවස්ථාවේ එමිල් රංජන් ළමාහේවා වැලිකඩ- මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා ලෙස කටයුතු කළ අතර මේ වන විට අදාළ ඝාතන චෝදනාවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂණ නියෝමාල් රංගජීවද රිමාන්ඩ් මන්ධනාගාර ගතකර ඇත.

පසුගිය 28 වනදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඊයේ (29) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග නිකුත් කෙරුණේ එළඹෙන 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න