සම්මුති ආණ්ඩුව රැකගන්න නම් රනිල් ඉල්ලා අස්වෙන්න : ශ්‍රීලනිප නිල මතය නොනිලව එළියට

සම්මුති ආණ්ඩුව රැකගන්න නම් රනිල් ඉල්ලා අස්වෙන්න : ශ්‍රීලනිප නිල මතය නොනිලව එළියට

සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂාකර ගැනීමට නම් රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුනහොත් අප්‍රේල් 4 වනදා රාත්‍රී 9.00 ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

173264730ශ්‍රීලනිප වාර්තාවේ කරුණු 15න් 13ක් විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් : දැන් අපිට කරන්න දෙයක් නෑ 

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමට කිසිඳු හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවත් මහ බැංකු බැඳුම්කර වංචාව ගැන සොයා බලා වාර්තාවක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී පත්කළ කමිටු වාර්තාවේ අඩංගු කරුණු 15න් 13ක් විශ්වාසභංග යෝජනාවේ අඩංගු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

නිල මතය අප්‍රේල් 2 කියනවා

එහෙයින් දැනට විශ්වාසභංග යෝජනාවට පක්‍ෂවීම හැර විකල්පයක් තම පක්ෂයට නොමැති බවත් කෙසේ නමුත් එළඹෙන අප්‍රේල් 2 වනදා විශ්වාසභංගය සම්බන්ධ පක්ෂයේ නිල ස්ථාවරය ප්‍රකාශකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

 ජනපති - අගමැති එකඟතා කතාව බොරුවක්

 එසේම විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් සිදුවූ බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් පක්ෂය කුමන තීන්දුවක් ගත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂියට එකඟව තම මතය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න