ව්‍යාජ පුවත් පලකළ වෙබ් සංස්කාරක අත්අඩංගුවට !

ව්‍යාජ පුවත් පලකළ වෙබ් සංස්කාරක අත්අඩංගුවට !

මුස්ලිම් ජාතිකයන් පිරිසක් ජෛන ආගමික භික්ෂුවකට පහර දුන් බවට ව්‍යාජ පුවතක් පළ කළ ඉන්දියානු වෙබ් අඩවියක සංස්කාරකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ආන්දෝලනාත්මක අන්ත දක්ෂිණාංශික පුවත් පළ කරන එම වෙබ් අඩවිය, 'මහේෂ් හෙජ්ගේ පෝස්ට් කාඩ් නිව්ස්' ලෙස නම් කරනු ලැබ ඇත. හිසට සහ උරහිස් වලට තුවාල සිදුවූ භික්ෂුවකගේ ඡායාරූපයක් සහිතව ඉහත කී ව්‍යාජ පුවත පළ කරනු ලැබ තිබුණි.

එහෙත් එම භික්ෂුව මෙසේ තුවාල ලබා ඇත්තේ මාර්ග අනතුරකින් බව දකුණු බැංගලෝර් පොලිසිය ප්‍රකාශ කරයි.

"ව්‍යාජ පුවත්" පළ කිරීමට එරෙහිව ඉන්දියාවේ නීති සම්පාදනය වී නොමැති වුවත්, ආගම්වාදය පැතිරීම නීතියට අනුව වරදකි.

මහේෂ් හෙජ් එකී පුවත මාර්තු 18 වන දින සිය වෙබ් අඩවියෙහි පළකළ අතර එහෙත් ඊට පිවිසෙන්නන්ගෙන් එම පුවත සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමුවේ දින කීපයකට පසු එය මකා ඉවත් කිරීමට කටයුතු කර ඇත.

 100634422 ab1f2091 4a6c 43e9 af83 b7f838353484
ව්‍යාජ පුවත් සහ එහි ඇති අනතුර පිළිබඳව දැනුවත් කිරීම සඳහා ක්වාලාලම්පූර් ප්‍රවාහන සේවාවල දර්ශනය කර ඇති දැන්වීමක්

ව්‍යාජ පුවත් ගැන ශ්‍රී ලාංකිකයන් දැනුවත්ද?

එම ව්‍යාජ පුවත පළ කිරීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් මහේෂ් මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

මහේෂ් හෙජ් බ්‍රහස්පතින්දා (මාර්තු 29) අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කර්ණාටක ප්‍රාන්තයේ පාලන බලය හිමි ඉන්දියානු කොංග්‍රස් පක්ෂය ගොනු කළ පැමිණිල්ලකට අනුවය.

 100634423 f6ee49a2 04c2 441d 9ff8 5d842d806288
ව්‍යාජ පුවත් සමාජය තුළ අවිනිශ්චිත පරිසරයක් නිර්මාණය කරයි

" අදාළ භික්ෂුව අනතුරෙන් සිදු වූ තුවාලවලට ප්‍රතිකාර ගනිමින් සිටින විට, ඔහුගේ එක් ශ්‍රාවකයෙක් එම පිංතූරය ගෙන තිබෙනවා. මහේෂ් මෙය යොදා ගෙන භික්ෂුවට මුස්ලිම් ජාතිකයන් පහර දී ඇති බවට ව්‍යාජ පුවතක් නිර්මාණය කර වෙබ් අඩවියේ පල කර තිබෙනවා. එම ක්‍රියාව සම්බන්ධයෙන් අපි ඔහු අත්අඩංගුවට ගත්තා," ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී සතිෂ් කුමාර් බීබීසී හින්දි සේවයට ප්‍රකාශ කළේය.

භාරතීය ජනතා පක්ෂයට හිතවත් පුවත් පළ කිරීම සම්බන්ධයෙන් මහේෂ් හෙජ්ට කොංග්‍රස් පක්ෂය චෝදනා කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය එම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ වන විට ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න