ශ්‍රීලනිපයේ 6ක් අගමැතිට ප්‍රසිද්ධියේම පක්ෂයි

ශ්‍රීලනිපයේ 6ක් අගමැතිට ප්‍රසිද්ධියේම පක්ෂයි

අගමැති රනිල්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට දැනට විරුද්ධ වී සිටින්නේ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් හය දෙනකු පමණක් බවත් සෙසු සියළු දෙනා විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන බවත් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර දැනට විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය දීමට සිටින එම 6 දෙනාට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂවීමට දැනුම් දෙන්නේ නම් එම ජන්ද 6 ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කිරීමට යොදාගත හැකි බවද පවසා ඇත.

විශ්වාස භංගය දිනා මිස ගමට එන්න එපා යයි ගමේ පාක්ෂිකයින් සදහන් කරන බවත් ඒ බව දැනුවත්ව විශ්වාසභංගය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තීන්දුව අප්‍රේල් 2 වනදා ගැනීමට තීන්දු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න