වෙසක් පොසොන් දිනවල : තොරණ තහනම් නෑ

වෙසක් පොසොන් දිනවල : තොරණ තහනම් නෑ

වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු කර නැති බව රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි.

තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නැත.

වෙසක් සහ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයන්හිදී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම වැදගත් වන බැවින් පොහෝ දිනයන්හිදී පමණක් තොරණ සහ දන්සැල් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්නේ නම් මැනැවැයි යනුවෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීම කර ඇත්තේ බුද්ධ ශාසන උපදේශක කමිටුවේ එකඟතාවය මතය. එයින් කිසිසේත්ම තොරණ ප්‍රදර්ශනය සහ දන්සැල් පැවැත්වීම තහනම් කිරීමක් අදහස් නොවෙයි.

එමෙන්ම බුද්ධ ශාසනයට අදාළ සියළු තීරණ අමාත්‍යංශය විසින් ගනු ලබන්නේ බෞද්ධ උපදේශක සභාවෙහි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ එකඟතා මත බවත් අමාත්‍යවරයා කියා සිටියි.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න