හිටපු අගමැති මහින්ද රාජපක්ෂ රට අත්හැර කිසිම විටෙක පළානොයන බව ඔහුගේ වැඩිමහල් පුතා වන හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප්‍රංශය පුවත් සේවය වෙත ප්‍රකාශයක් කරමිනි.
“අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ.
මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා.
අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
