1971 අප්‍රේල් අරගලයට වසර 47ක් සැපිරීම නිමිත්තෙන් 'ශ්‍රේෂ්ඨ පරාජයක් - නොමියෙන අරමුණක්' තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වනු ලබන ප්‍රධාන විරු සමරුව අප්‍රේල් 5 දින සවස 3ට මහනුවර, තැපැල් ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන බව වාර්තා වෙයි.
එහිදී 1971 අරගලයට දායක වුවන්ගේ සජීවී අත්දැකීම් සාකච්ඡා කිරීමක් සහ අරගලය පිලිබඳ වීඩියෝ වාර්තා වැඩසටහනක් ප්‍රදර්ශනය කිරීම සිදුවනු ඇත.
මීට අමතරව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල සමරු වැඩසටහන් සංවිධානය කර තිබෙන බවද එම පක්ෂය නිවේදනය කර සිටියි.

