ආණ්ඩුවටත් තමාටත් විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සහයෝගය දැක් වූ සැමට ස්තූතිය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
විශ්වාසභංගය ජයගැනීමෙන් අනතුරුව ඊයේ (04) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
විශ්වාසභංග යෝජනාව හමුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමට දෙනා කළ සේවය තමන් අමතක නොකරන බවත් එය පුද්ගලයෙක් ආරක්ෂා කිරීමක් නොව ආණ්ඩුව සහ ජනවරමක් ආරක්ෂා කිරීමක් බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
තමන් හෙට අනිද්දා ජනාධිපතිවරයා හමුවන බවත් එම හමුවේදී එතුමා ජනවාරි 8 ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කරගනිමින් ඒ මුලධර්ම අනුව කටයුතු කරමින් ආණ්ඩුව ඉදිරියට ගෙනයාම පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
එසේම ආණ්ඩුවේ හොඳ නරක අවබෝධ කරගෙන ඉදිරියට ජනතාවට වඩාත් සමීප ආකාරයේ සංවර්ධන ක්‍රියාවලියක් රට තුළ දියත්කරන බවත් ඒ තුළ මන්ත්‍රීවරුන්ට වැඩි වැඩ කොටසක් පවරන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂය තුළත් පුර්ණ වෙනසක් සිදුකර අලුත් කණ්ඩායම් ඉදිරියට ගන්නා බවත් ඒ හරහා එක්සත් ජාතික පෙරමුණද ශක්තිමත් කරමින් බහුතරයක් සහිතව ඉදිරියට යන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන

