සිරසට ප්‍රහාරයක් : ජයග්‍රහණයෙන් මත්වූ අම්බරුවන්ගේ වැඩක්

සිරසට ප්‍රහාරයක් : ජයග්‍රහණයෙන් මත්වූ අම්බරුවන්ගේ වැඩක්

ඊයේ (04) රාත්‍රියේ සිරස (Mtv/Mbc) කාර්යාල පරිශ්‍රයට මැර පිරිසක් කඩාවැදී එහි දේපළ වෙත අලාභානි සිදුකළ බව News first lk ෆේස්බුක් පිටුව වාර්තා කරයි.

News first lk ෆේස්බුක් පිටුවේ සටහන
Captureසරස001

එහි සඳහන් ආකාරයට මෙසේ කඩාවැදී ඇත්තේ කොළඹ මහනගර සභාවේ කිත්සිරි රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් වන අතර ඒ බව තහවුරු කරන ජායාරූප පෙළක්ද සමාජ ජාල වෙත මුදාහැර ඇත.

මේ පිළිබඳ ලැබුණු තොරතුරු අනුව පාර්ලිමේන්තුවේ විෂවාසභංග ජන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත්වූ විගස සිරස කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට රතිඤ්ඤා දල්වමින් මේ නින්දිත ප්‍රහාරය එල්ලකර ඇත.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණි තත්ත්වය සමතයකට පත්කර ඇති අතර මේ සම්බන්ධව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද වාර්තා වෙයි.

පොලිසිය පැමිණ සිදුවීම සමතයකට පත්කරන තුරු කාර්යමණ්ඩලයට එම භූමියෙන් ඉවතට යාමට සහ ඒමට නොහැකිවූ බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සිය twitter ගිණුමේ සටහනක් තබා ඇති අතර ඒ හරහා ආණ්ඩුව සහතික කළ මාධ්‍ය නිදහස, තොරතුරු ලබා ගැනීමේ අයිතිය යහපාලනය යටතේ මෙම වගකීම දරන්නේ කවුරුන්ද? යන්න ප්‍රශ්න කර තිබේ.

නාමල් මන්ත්‍රීවරයාගේ twitter සටහන

Captureසරස නමල

මේ එම අම්බරුවන්ගේ ප්‍රහාරය දැක්වෙන ජායාරූප කිහිපයකි.

29597825 1900596136667302 4385417534993943088 n

29683436 1900596076667308 5588832426917715315 n

29695110 1900595936667322 550941919657648094 n

29790468 1900596036667312 1921890675307666923 n

29791297 1900596196667296 3246851269262465901 n

29792114 1900596266667289 4626230988211608865 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න