සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත සහ වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීමට සහය පල කළ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වාර්තා වෙයි .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ සැකකරු ෆේස් බුක් ඔස්සේ පල කර තිබූ ,ඊලඟ 09 වනදා රටපුරා කැරැල්ලක් මෙහෙය වන බවට, සදහන් පෝස්ටුවකට ද්වේශ සහගත සහ වෛර සහගත ලෙස ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
