ද්‍රෝහී ඇමති "හයේ කල්ලිය" වහා දොට්ට දාන්න : එජාප "මන්ත්‍රී 33" ලිපිය මෙන්න

ද්‍රෝහී ඇමති "හයේ කල්ලිය" වහා දොට්ට දාන්න : එජාප "මන්ත්‍රී 33" ලිපිය මෙන්න

යහපාලන රජය ඉදිරියට ගෙනයාමට ඉඩනොදී කකුළෙන් අදිමින්, කැබිනට් සාමුහිකත්වය පවා ඉවත දමා ජනමාධ්‍ය හමුවේ පිළිකුල් ප්‍රකාශ නිකුත් කළ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකුව වහාම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිපියක් මඟින් දැනුම්දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 33 කගේ අත්සන් සහිතව අදාළ ලිපිය ඊයේ (04) අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදී ඇති අතර එහි පිටපතක් ජනාධිපතිවරයා වෙතද යොමුකර ඇත.

ඇමතිවරු හයදෙනාගේ කල්ලිය

අදාළ ලිපියේ සඳහන් ආකාරයට මෙසේ ආණ්ඩුවෙන් ඉවත්කරන ලෙස නම් කර තිබෙන්නේ,

එස්.බී. දිසානායක - සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය
ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න - කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන
අනුර ප්‍රියදර්ශන යාපා - ආපදා කළමනාකරණ
සුසිල් ප්‍රේමජයන්ත - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ
චන්දිම වීරක්කොඩි - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
දයාසිරි ජයසේකර - ක්‍රීඩා
යන කැබිනට් අමාත්‍යවරුන්ය.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මේ කැබිනට් අමාත්‍යවරුන් පිරිස ඉදිරියටත් ආණ්ඩුවේ තබා ගැනීම 2015 දී ලබාගත් ජනමතයට දැඩි බලපෑමක් බවත් එහෙයින් ජනතා මතයට පිටුපා ඇති ඔවුන් තවදුරටත් ඇමතිවරු ලෙස සිටිනවාට තමන් දැඩිව විරුද්ධ බවද එම ලිපියේ සඳහන් කර ඇත.

පහත ඇත්තේ එම ලිපියයි.

1144750976Untitled 1 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න