ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය විට ප්‍රධානම වගකිය යුත්තා වන්නේ හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙසේ චෝදනා කළ අතර ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ යැයි එවකට අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළ නිසා ජනතාව ඉන්ධන වැඩි වශයෙන් එක් රැස් කර ගැනීමට පෙළඹීම මත ඉන්ධන හිඟයක් ඇතිවූ බවත් පැවසීය .
කෙසේ වුවත් වත්මන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන අර්බුදය විසදීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව ද ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
