ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කලැයි කියන සිද්ධියට අදාළ ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (12) නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිසියේ සිදුකරන විමර්ශනයකට අදාළව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර අද බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත ගත කරන ලෙස ට කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් සිව්දෙනා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .
අරගලය අස්සේ ජාතික රූපවාහිනී සංස්ථාවේ විකාශය කටයුතු වලට බාධා කරමින් ඊට කඩාවැදීම සම්බන්ධයෙන් ද ධානිෂ් අලී නැමැත්තා චෝදනා ලබා ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
